ජාතික රෝහලේ ශල්‍ය මුව වැසුම් හිඟයක්


ඇන්ටිජන් පරීක්‍ෂණ ඇණ හිටීමත්, දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසා කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී.මැදිවත්ත මහතා පවසයි.

එම නිසා අද වන විට ජාතික රෝහලෙහි සෑම වාට්ටුවකට ම ලබාදෙමින් ඇත්තේ දිනකට මුව වැසුම් 50 ක පමණ කුඩා ප‍්‍රමාණයක් බවත් මෙය කිසිසේත් ම වාට්ටුවක එක් සේවා මුරයකටවත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එච්.එම්.එස්.බී.මැදිවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

2021.06.07 දින දහවල සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ට සදු කරමින් තබූ ඇනටිජන පරීක්‍ෂාව නවතා දමා තිබේ. මීට හෙත් වු වී ඇත්තේ පරීක්‍ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කිට්ස් නොමැති බව දැනගන්නට ලැබී ඇත. එසේම, මේ තත්ත්‍වය රෝහලේ අනෙකුත් රෝගීන් ඇතුළත් කරගන්නා ස්ථානවලට ද ඉතා දැඩිව බලා තිබේ.

විවිධ අනතුරුවලට ලක්ව ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් මෙන්ම, විවිධ රෝග තත්ත්‍වවලට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගතවන රෝගීන් ගෙන්, #කොරෝනා රෝගීන් වෙන් කර හඳුනා ගැනීමට මෙම පරීක්‍ෂණයෙන් හැකි වූ අතර, එමගින් කාර්ය මණ්ඩලයත්, වාට්ටුවල අනෙකුත් නේවාසික රෝගීනුත් රෝහලට පැමිණෙනන්ද කොරෝනා අසාදිතයින් බවට පත්වීම වැළකුණි.

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ සියලූ කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් ශල්‍ය මුව වැසුම්වල බරපතල හිඟයක් ද ඇති වී තිබේ. එම නිසා අද වන විට ජාතික රෝහලෙහි සෑම වාට්ටුවකට ම ලබාදෙමින් ඇත්තේ දිනකට මුව වැසුම් 50 ක පමණ කුඩා ප‍්‍රමාණයකි. මෙය කිසිසේත් ම වාට්ටුවක එක් සේවා මුරයකටවත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවේ. එසේම, PPE කට්ටලවල ද දැඩි හිඟයක් ඇති වී තිබේ. මේ තත්වයන් හමුවේ ජාතික රෝහල්, කාර්ය මණ්ඩලයටත් රෝගීන්ටත් දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇත.

පසුගිය කාලය මුළුල්ලේ ම අප විසින් වැඩි වෙමින් පවතින කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා රෝහල් පද්ධතියට අවශ්‍ය ආරක්‍ෂති උපකරණ හා ආයිත්තම් අවශ්‍ය ප‍්‍රමාණයන් ගෙන් ලබාදෙන ලෙස සියලූ සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් රෝහල් ප‍්‍රධානීන්ගෙනුත් ඉල්ලීම් කළ නමුත් ඔවුන් එය නොසලකා කටයුතු කරන ලදි.

කොරෝනා වසංගතය මර්දනය පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් හා ඉලක්කයක් නොමැතිව, කටයුතු කළ ආණ්ඩුවේත්, සෞඛ්‍ය බලධාරීන්ගේත් අදූරදර්ශී තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන වි ලැබෙමින් තිබේ. එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයටත්, අහිංසක රෝගීන්ටත් මහජනතාවටත් වීම අතිශ්‍ය කනගාටුදායකය.

එබැවින්, ඇති වී තිබෙන -03 වන කොරෝනා රැල්ල නිසා දැඩි පීඩාවකින් හා දුෂ්කර තත්ත්‍වයන් ගණනාවක් මධ්‍යයේ, සිය ජීවිතවල බොහෝ දේ රාජකාරිය වෙනුවෙන කැප කරමින්, අඛණ්ඩ සේවාවක නිරතව සිටින හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවකයින්ගේ මෙන්ම රෝගී ජනතාවගේත් සුරක්‍ෂිතතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කර අවශ්‍ය සියලූ පහසුකම් වහා ම ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එච්.එම්.එස්.බී.මැදිවත්ත
ප්‍රධාන ලේකම්.
සමස්ත ලංකා හෙද සංගමය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජාතික රෝහලේ ශල්‍ය මුව වැසුම් හිඟයක්
ජාතික රෝහලේ ශල්‍ය මුව වැසුම් හිඟයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-SfJZe-QYeiWGdgJh0NazRLfLjN1n0JgfqzhnqgLqNcbiPAuZHf_UBEce8V1mBk9zF0UhGbaV3EIFX4bd92qKx7D1qHAG76_UbQ87ZwUUZrsj4PMtz68JmImdXfN9sQvQxppzF4euL84/s16000/NAtional+hospital+colombo.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-SfJZe-QYeiWGdgJh0NazRLfLjN1n0JgfqzhnqgLqNcbiPAuZHf_UBEce8V1mBk9zF0UhGbaV3EIFX4bd92qKx7D1qHAG76_UbQ87ZwUUZrsj4PMtz68JmImdXfN9sQvQxppzF4euL84/s72-c/NAtional+hospital+colombo.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/covid19-colombo-hospital.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/covid19-colombo-hospital.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content