Header Ads

උණුසුම් පුවත්

ඊයේ මෙරටින් ආසාදිතයින් 2,429 ක්


ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 2,429 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්තුන් දහසේ සීමාව ඉක්මවා ගියා. ඒ අනුව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව පළමු වතාවට 25,000 සීමාව ඉක්මවා යමින් මේ වනවිට සටහන් වන්නේ 25,020 ක් ලෙසයි.  ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 2,429 දෙනා සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 133,527 ක් ලෙසයි. ආසාදිතයින් 107,657 ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 850 ක්.