දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් අද උදෑසන සිට හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාළුගහවෙල හුදෙකලා කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කරදුන්ගොඩ, ගොවියාපාන, කහවන්නගම සහ දොම්මන්ගොඩ මෙන්ම හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ ලණුමෝදර, බොනවිස්ටා, කටුකුරුන්ද යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාවට ලක් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක - පාතකඩ සහ දිප්පිටිගල මෙන්ම කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම හුදෙකලාවට ලක් කර තිබෙනවා.
මීට අමතරව දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශයද හුදෙකලාවට ලක් කර ඇති බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ අක්කර 30 කොටස අද උදෑසන සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.