Header Ads

උණුසුම් පුවත්

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ නැවතත් 4000 සීමාව ඉක්මවයි


ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව නැවතත් 4000 ඉක්මවා ගියා. අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 362,000 ක් වාර්තා වූ අතර, කොරෝනා මරණ 4120 ක් ද එම කාලය තුල වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි තිස්හත් ලක්ෂය ඉක්මවනවා. එරට සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 258,000 කට අධිකයි. ඉන්දියාව විසින් මේ වනවිට එන්නත් මාත්‍රා දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් ලබා දුන්න ද මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සමස්ථ ජනගහනයෙන් සියයට 2 යි දශම 5 ක් පමණයි.