Header Ads

උණුසුම් පුවත්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ්


ලක්ෂපාන, මොරහේනගම  ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම ආසාදිතයින් 06 දෙනා අතර අවුරුදු 2 සහ අවුරුදු 5ක ළමුන් දෙදෙනෙකු ද සිටින බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ.

ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 06 දෙනා හඳුනාගැනීමට හැකිව තිබෙනවා.