Header Ads

උණුසුම් පුවත්

සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබේ


ඉදිරියේදී රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මැයි 21 වන දින සිට මැයි 24 වන දින දක්වා සහ නැවත මැයි 26 වන දින සිට මැයි 28 වන දින දක්වා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවයි.

මැයි 25 වන දින පෙ.ව 4 වන සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.