Header Ads

උණුසුම් පුවත්

ගං වතුරෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න කෝටි 3.4ක්


පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික් 10ක් සඳහා මිලියන 34ක මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක, ප්‍රාදේශීය සභා 86ක පුද්ගලයන් 5 දෙනකු මියගිය බවත් තිදෙනකු තුවාල ලැබූ බවට හා පවුල් 15,936ක පුදගලයන් 63,192ක් පීඩාවට පත් වූ බවත්, පූර්ණ හා අර්ධ නිවාස හානි 2011 ඇති බවද අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කොට ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.