වහාම ක්‍රියාත්මක වන පරිදි ජපානය විසින් ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ සිට මගීන් පැමිනීම අත්හිටුවා තිබෙනවා.
මේ අනුව මෙම රටවල දින 14ක් තුළ සංචාරය කල කිසිඳු පුද්ගලයෙකුට ජපානයට ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ.
මීට පෙර ජපානය ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම මගීන්ට දැඩි සංචරණ සීමා පැනවුයේ ඉන්දියාව තුළ සීඝ්රයෙන් පැතිරයන නව කොවිඩ් වෛරසය එරට තුළ ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහායි.
කෙසේවෙතත් ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එරට ස්ථිර පදිංචි සහතිකය හිමි අයට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් අනතුරුව අදාල රටවලින් පිටත දින 14ක නිරෝදයන කාලයකින් පසු නැවත සිය රටට ඇතුලු වීමට අවසර ලබා දීම සම්බන්දයෙන් සලකා බලන බවයි.