Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් මර්දන එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය


කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විශේෂ කැබිනට් රැස්වීමේදී මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.