Header Ads

උණුසුම් පුවත්

රන් පවුම් 15කට ආසන්න රන් භාණ්ඩ සමඟින් සැකකරුවන් 4ක් අත්තඩංගුවට


රන් මාල කැඩීම හා කොල්ලකෑම සම්බන්දයෙන් පුද්ගලයින් 4 දෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (18) අත්තඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කළේ  අත්අඩංගුවටපත් සැකකරුවන් මඩපාත , කිරැළපන සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචි කරැවන් බවයි. 

සැකකරුවන් සතුව තිබී පවුම් 15කට ආසන්න බරකින් යුත් රන් භාණ්ඩ, කාන්තා අත් ඔරලෝසු දෙකක්, විදේශීය මත්පැන් බෝතල් සහ මුදල් සොයාගෙන තිබෙනවා.