Header Ads

උණුසුම් පුවත්

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයෙන් ආසාදිතයින් 27 ක්


මේ වනවිට හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් නව ආසාදිතයින් 27 දෙනෙක් හඳුනා ගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා සදහන් කළා.

හුදකලා කර ඇති නෝ(ර්)වුඩ් සෙන් ජොන් ටිලරි, හැටන් ඇන්ෆිල්ඩ්, නෝ(ර්)වුඩ් බිලින්කිබොනි, බටල්ගල, බගවන්තලාව ටින්සින්, චැපල්ටන්, එල්ටොප්ස් යන වතුවලින් එම අසාදිතයන් 27 දෙනා හඳුනාගෙන තිබෙනවා.

එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළා.