Header Ads

උණුසුම් පුවත්

පානදුර හා බණ්ඩාරගම ඇගලුම්කමිහල් දෙකකින් ආසාධිතයින් 600ක්


තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 467 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 2,000 පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී එම ආසාදිතයින් හඳුනාගත් බවයි.

එමෙන්ම බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 150 දෙනෙකු පමණ කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය සදහන් කළා.