Header Ads

උණුසුම් පුවත්

සහරාන්ගේ අන්තවාදී පන්ති සංවිධානය කළ තවත් අයෙක් අත්අඩංගුවට


සහරාන් හෂීම්ගේ  අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කළ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 29 හැවිරිදි ඔහු විසින් මුතූර් සහ ඔලුවිල් ප්‍රදේශවල 2018 වසරේදී අදාළ පන්ති සංවිධාන කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.