Header Ads

උණුසුම් පුවත්

පිලියන්දල මැරෙන අයගේ වගකීම මම ගන්නෙ නෑ


කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මියයන පිළියන්දල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුගේ වගකීම තමන් භාර නොගන්නා බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තමන් මහජන නියෝජිතයකු ලෙස මහජන ඉල්ලීමකට අනුව හුදකලා කර තිබූ පිලියන්දල විවෘත කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මිස තමන් එම ප්‍රදේශ විවෘත කළේ නැති බැවින් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පිළියන්දල ප්‍රදේශයේ මිය යන්නන්ගේ වගකීම තමා බාර ගන්නේ කුමකටදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග ඊයේ (9) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

පිලියන්දල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් පිළියන්දලට පණවා තිබූ හුදකලා නීතිය පැය 24 යාමට මත්තෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාට මේ වන විට චෝදනා එල්ලෙමින් තිබේ.

මේ වන විට ලොකුගේ අමාත්‍යවරයා එහි වගකීම රාජ්‍ය නිලධාරීන් පිට පටවා ඇති අතර පිලියන්දල හුදෙකලා නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූයේ ගල්කිස්ස පොලිස් අධිකාරිවරයා බව හෙළිදරව් කොට තිබේ.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ පිලියන්දල ප්‍රදේශයෙන් වන අතර ඊයේ එම සංඛ්‍යාව 101 විය.