මේ වනවිට ලෝකය පුරා පැතිර යන කොරෝනා ප්‍රභේදයන්ගෙන් වර්ග 6ක් ලංකාවට ඇතුලු වී ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
ඒ අනුව ඩෙන්මාර්ක්-මැදපෙරදිග සහ යුරෝපයේ පැතිර යන ප්‍රබේදය, නයිජීරීයානු ප්‍රබේදය, ඉන්දියානු ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රබේදය, ශ්‍රී ලංකා ප්‍රභේදය සහ බ්‍රිතාන්‍ය-කෙන්ට් ප්‍රභේදය එම ප්‍රභේද 6 ලෙස හදුනාගෙන ඇත. මෙහිදී ඩෙන්මාර්ක්-මැදපෙරදිග සහ යුරෝපයේ පැතිර යන ප්‍රභේදය යාපනයෙන් හදුනාගෙන ඇත. නයිජීරීයානු ප්‍රභේදයේ රෝගීන් බණ්ඩාරගමින් සහ කොළඹින් හමුවී තිබේ.
ඉන්දියානු ප්‍රභේදයේ රෝගියකු නවලෝක රෝහලෙන් හමුවී ඇත. දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ රෝගියකුද නවලෝක රෝහලෙන් හමුව ඇත. ශ්‍රී ලංකා ප්‍රභේදයේ රෝගීන් කොළඹින් සහ මඩකලපුවෙන් හමුව ඇත. බ්‍රිතාන්‍ය-කෙන්ට් ප්‍රභේදය කොළඹ, කුරුණෑගල, කළුතර, නුවර, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ.