නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 215 දෙනෙකු ඊයේ (02) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පසුගිය ඔකොතොම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුල සිදුකළ මෙයෙයුම් වලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ 4857 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මත් පැන් සාද වැටලීමට සහ ඒවාට සහභාගී වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (03) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලිසිය පවසනවා.මෙවැනි ආකාරයේ සාද සංවිධානය කරන පුද්ගලයින් සහ එම සාද සඳහා සහභාගී වන පුද්ගලයින්ට දැඩි දඬුවම් පනවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.




