Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 284 ක් අත්අඩංගුවට


ගෙවුනු පැය 24 තුල නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 284 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්  සංඛ්‍යාව 9029ක්. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයෙන්. ඒ හැරුණ විට කුලියාපිටිය මාතලේ හා ත්‍රිකුණා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලිනුත් නිරෝධායන නීති උල්ලංඝනය කළ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළා.