Header Ads

උණුසුම් පුවත්

RMV නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජනතාවට තාවකාලිකව වැසේ


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලබන සතිය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාලවල ද සේවාවන් සීමිත කර ඇති බවය.