Header Ads

උණුසුම් පුවත්

රාජ්‍ය ආයතනවල ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම අත්හිටුවයි


සියලු රාජ්‍ය ආයතනවල ගර්භනී මාතාවන් සේවයට කැඳවීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට බලය පැවරෙන අතර, ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළේ.