මෙරටින් අඛන්ඩව දෛනික කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවා පස්වන දිනටත් ඊයේ වාර්තාවුණා.
ආසාදිතයන් 1,716 දෙනෙකු ඊයේ හඳුනාගැණුනු අතර එය කොරෝනා ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 375ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158ක් වාර්තාවී තිබෙනවා. අනෙක් ආසාදිතයන් 919 වාර්තාවන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින්. ගාල්ලෙන් ආසාදිතයන් 138ක්, කුරුණෑගලින් 108ක්, මහනුවර සහ රත්නපුරයෙන් 84දෙනා බැගින් වාර්තාවනවා.
ත්‍රිකුණාමලයෙන් ආසාදිතයන් 82ක්, මාතරින් 70ක් සහ මොණරාගලින් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලින් 56 දෙනා බැගින් වාර්තාවන බවය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.




