Header Ads

උණුසුම් පුවත්

ඥාතීන් බැලීමට,ආගමික කටයුතු,විනෝද චාරිකා වහාම නවතන්න


පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති අන්ත නිවාඩු ගත කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන චාරිකා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු සපුරා තහනම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

මේ වන විට දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බවත් කිසිදු විශේෂ හේතුවක් නොමැතිව පළාතෙන් පළාතට ගමන්කරන පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා. 

සෑම පළාත් සීමාවක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති විශේෂ ආරක්ෂක මුර කපොලුවල පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සේවයේ යෙදවෙන බවත් සියලු රථවාහන පරික්ෂා කිරීමේ කටයුතුවල නිරත වන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම මේ ව්‍යසනකාරී අවස්ථාවේ සමස්ත රටවැසියන්ගේ යුතුකම බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.