Header Ads

උණුසුම් පුවත්

මෙරට අඛණ්ඩව තුන්වන දිනටත් කොරෝනා ආසාදිතයින් 2500 පනී


නව කොරෝනා අසාදිතයින් 2,568 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 29,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ තුන්වන දිනටත් කොරෝනා ආසාධිතයින් 2500 සීමාව ඉක්මවා මෙරටින් වාර්තා වූණා. එසේම, තවත් කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගියා. ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2568 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 31,098 ක් ලෙසයි.