ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 15 දහස් 590ක් දක්වා ඉහළ ගියා.
මේ අතර ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,860 දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් වාර්තාවී ඇති අතර, ඉතිරි 54 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රිකක්යෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 542 ක්. කොළඹින් ආසාදිතයන් 531 කුත්, කළුතරින් 116 ක් සහ ගාල්ලෙන් 112 කුත් වාර්තාවනවා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 15,728 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 99,153 ක්. ඊයේ දිනයේ මෙරටින් කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර, ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 709 ක් ලෙසයි.