ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම රටවල වැසියන්ට එමීර හෝ වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවක් මගින් එරටට පැමිණිය නොහැකි බවයි නිවේදනය කෙරුණේ.
අදාළ තහනම ලබන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.කෙසේ නමුත්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එම තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ.
එක්සත් අරාබි එමීරයේ ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය මගින් එම තීරණයට එළඹී තිබෙනවා. එමෙන්ම, එක්සත් අරාබි එමීර් වැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිල දූත කණ්ඩායම් සහ ව්‍යාපාරිකයන්ගේ ජෙට් යානා සඳහා ද මෙම ගුවන් ගමන් තහනම බලනොපැවැත්වෙන බව සඳහන්.
කෙසේ නමුත්, ඔවුන් ද, එමීරයට පැමිණීමට පැය 48 කට පෙර සහ එහි ළගා වූ පසු කොරෝනා පරීක්ෂණ වලට ලක්විය යුතුයි.