මේ අවස්ථාවේදී රට සම්පුර්ණයෙන්ම වසා නොතිබුණු නිසා නව ප්‍රභේදය ඉන්දියාවෙන් පැමිණියා වෙන්න පුළුවන් යැයි හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.
ඉන්දියානු කොරෝනා ප‍්‍රභේදය දරුණුම මාරාන්තික සහ ඉහළ අවදානම් සහිත ප්‍රභේදය බව ද පෙන්වා දෙයි.
මෙම ප්‍රභේදය රට පුරාම ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවත් ඉන් රටම දැඩි අනතුරක පත් වී ඇති බවද සඳහන් කරයි.
අවුරුදු 30 - 40 වයස් කාණ්ඩවල සිටින සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට මෙය ඉතාම ඉක්මණින් වැළදී නියුමෝනියා තත්වයට දින දෙක තුනක් ඇතුළත යා හැකි බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
අද වන විට හෝමාගම රෝහලේ ඇඳන් කිසිවක් නැති බවත් දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇති බවත් ඔක්සිජන් ප්‍රශ්නද ඇති වනු ඇති බවත් ඒ මහතා පවසයි.
මෙරට වෙළෙඳපොළ තුළ ඔක්සිජන් බහාලුම් ඇතුළු උපකරණ කිසිවක් නැති බවත් ඒවා සියල්ල මිලට ගෙන අවසන් වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගියදා යුටියුබ් නාලිකාවක් පැවති සාකඡචාවකදී වෛද්‍යවරයා මේ අදහස් පලකළා.