Header Ads

උණුසුම් පුවත්

සේවක ආරක්ෂාව සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතුයි


පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරනවා .

එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කර සිටියේ, සියලු කර්මාන්තශාලා පරිපාලනයන්ට ඒ බව දැනුම්දෙන බවයි.

සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගත යහපැවැත්ම පිළිබඳව මෙම අවදානම් අවස්ථාවේ ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම ආරම්භ වීමත් සමඟ රෝගීන්ගේ වර්ධනයක්, ඇතැම් කර්මාන්තශාලා තුළින් පෙන්නුම් කරන බවත්, එහෙත් මනා පාලනයකින් යුතුව බොහෝ කර්මාන්තශාලා ඉතාමත් ප්‍රශංසනීය අයුරින් පවත්වාගෙන යන බවයි ඔහු සදහන් කලේ.

කම්හල තුළදී පමණක් නොව ප්‍රවාහනයේ දී, නිවසේ දී හා අනෙකුත් සෑම ස්ථානයකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එම උවදුරින් මිදීමට සියලුදෙනා කටයුතු කරණු ඇතැයිද තමා අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා