Header Ads

උණුසුම් පුවත්

වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැංවීමට අවශ්‍ය තීරණ ඇතුළත් ගිවිසුමට අත්සන් තැබේ


මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව මෙරට ඉහළ කාර්ය සාධනයක් පවතින ක්‍රීඩා පිළිබඳව අධ්‍යයනයක නිරත වු අතර එම අධ්‍යයනය මත පදනම්ව ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණය ලබා ගත හැකි, අප ප්‍රමුඛතාවය දිය යුතු ක්‍රීඩා 5 ක් නිර්දේශ කර තිබෙනවා.  එම නිර්දේශ අතර වන ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ඉහළ නැංවීමට අවශ්‍ය තීරණ ඇතුළත් ගිවිසුමට ඊයේ  අත්සන් තැබුනා. සෙසු ක්‍රීඩාවන්ට අදාළ ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළදී සිදු කිරීමට නියමිතයි.