Header Ads

උණුසුම් පුවත්

යුපුන් අබේකෝන් නැවතත් මීටර් 100 ඉසව්වෙන් ඔහුගේ හොඳම කාලය වාර්තා කරයි


ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නැවතත් මීටර් 100 ඉසව්වෙන් ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ජර්මනියේ ඇන්හැල්ට් හි පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වෙමින් යුපුන් මීටර් 100 ඉසව්ව සඳහා ගත කළ කාලය තත්පර 10.09 ක්. එය මීටර් 100 ඉසව්ව සඳහා ඔහු මෙතෙක් වාර්තා කළ අවම කාලය ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් ක්‍රීඩාංගනයේ පැවති සුළඟේ වේගය නීත්‍යානුකූල සීමාව ඉක්මවන නිසා එය ජාතික වාර්තාවක් ලෙස පිලිගැනුනේ නැහැ.