Header Ads

උණුසුම් පුවත්

දැවැන්ත ජල යෝජනා ක්‍රම තුනක් අගමැති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට


වර්ෂ 2025 සැමට ජලය යන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සුළු සහ මහා පරිමාණ ජල යෝජනා ක්‍රම අතරින් දැවැන්ත ජල යෝජනා ක්‍රම තුනක් ජනතා අයිතියට පත්කිරීම 21 වන දින පස්වරු 4.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අරලිය ගහ මන්දිරයේ දී ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

ජල සම්පාදන අමාත්‍ය,  වාසුදේව නානායක්කාර මහතාසදහන් කළේ මේ යටතේ,

1. කුරුණෑගල දිස්ත්‍රික්කයේ - දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය

2. කෑගල්ල දිස්ත්‍රික්කයේ - ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය

3. ගාල්ල දිස්ත්‍රික්කයේ - හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය

මෙලෙස අද දින ජනතා අයිතියට පත්කරන බවයි.

මෙම යෝජනා ක්‍රම තුනෙන් පානීය ජලය නොමැති කමින් පීඩාවිඳි 190,000 (එක්ලක්ෂ අනූදහසකට) පානීය ජල පහසුකම ලැබෙන අතර කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 07 ක ග්‍රාම නිළධාරී වසම් 377 ක් ආවරණය වේ.

මෙම යෝජනා ක්‍රමයන්හි සුවිශේෂිතාවය වන්නේ මෙම ඉදිකිරීම් වලින් වැඩි ප්‍රතිශතයක් දේශීය ඉංජිනේරුවන් විසින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ දේශීය සමාගම් හි මැදිහත් වීමෙන් සිදුකල බව යැයි ද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කළා.