Header Ads

උණුසුම් පුවත්

කොරෝනා වෛරසය සියයට 99.9ක් විනාශ කළහැකි ප්‍රතිවෛරසයක් ඕස්ට්‍රේලියාවෙන්


ලොවපුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසයයට එරෙහිව නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

එහිදී පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන්ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සියයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. 

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවට එම විද්‍යාඥයින් විශ්වාසය පළකරනවා. 

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය “තාපය පසු පස හඹා යන මිසයිලයක්” ලෙස පෙනහළු වල තැන්පත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.