Header Ads

උණුසුම් පුවත්

දින 14ක් රට වසා දමන්න - සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක්


රට තුළ පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවයි.

පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.