විභාග දෙපාර්තමේන්තුවේ සියලු සේවා නිවසේ සිට ජංගම දුරකථන මාර්ගයෙන් සිදුකර ගැනීමට හැකි යෙදවුමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එළිදක්වා තිබෙනවා.
එම යෙදවුමට අනුව මාර්ග ගත ක්‍රමයට සහතික පත්‍ර අයදුම් කිරීම, ප්‍රතිඵල තහවුරු කිරීම, විභාග අංකය සෙවීම, ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම, ආයතනික විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම ද සිදුකළ හැකියි.
එමෙන්ම, ඇගයීම් වාර්තා සහ ආසන්න වසර 05ක විභාග ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීම ඇතුළු සේවා රැසක් සිදුකර ගැනීමට මෙම ජංගම දුරකථන යෙදවුම මගින් අවස්ථාව සැලසෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත මෙම යෙදවුම නම් කර ඇත්තේ එක්ස්සෑම්ස් ශ්‍රී ලංකා ඩී.ඕ.ඊ යනුවෙන්.