Header Ads

උණුසුම් පුවත්

නීතිපති දෙපාර්තමේන්තු පුස්තකාලයේ සමරු ඵලකය ප්‍රතිස්ථාපනය කෙරේ


නීතිපති දෙපාර්තමේන්තුවේ පසුගියදා විවෘත කෙරුණු විද්‍යුත් පුස්තකාලයේ සමරු ඵලකය යළි ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම  සමරු ඵලකයේ  දෙමළ භාෂාවෙන් දක්වා නොතිබීම හේතුවෙන්. එය සටහන් කර තිබුණේ සිංහල, ඉංග්‍රීසි සහ චීන භාෂාවලින්. මෙම විද්‍යුත් පුස්තකාලය ස්ථාපිත කිරීම සඳහා අනුග්‍රහය දක්වා තිබුණේ චීන රජයයි.මෙරට චීන තානාපතිවරයා ද එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා. කෙසේ නමුත්, දෙමළ භාෂාව ද ඇතුළත් නව සමරු ඵලකය එහි දැන් ස්ථාපිත කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.