Header Ads

උණුසුම් පුවත්

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 10 ට කොරෝනා


පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් 10 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.

පසුගිය 19 දා කළ පී.සී.ආර් පරීක්ෂණ මගින් මෙම කම්කරුවන් 10 ක් හඳුනාගෙන ඇති අතර එම කම්කරුවන්ගේ  පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනට ලක් කර ඉදිරි පී .සී .ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කළා.