හැටන් ප්‍රදේශයේ දී 1990 සුව සැරිය ගිලන්රථ රියදුරෙකුට සහ එහි සේවිකාවකට පහරදීමක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් දිඹුල පතන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩාගම, ආගිල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙක් "බැල්කනියෙන්" බිමට වැටී ඇතැයි අද (22) අලුයම 2ට පමණ 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ අනුව ගිලන්රථය අදාළ ස්ථානයට ගොස් ඇති අතර, බිමට වැටුණේයැයි පැවසෙන සේවකයාට කිසිදු තුවාලයක් හෝ එවැනි සිදුවීමක් පිළිබඳ කරුණු අනාවරණය නොවීම හේතුවෙන් ගිලන්රථ රියදුරු හා එහි සේවිකාව විසින් අදාළ සේවකයා රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.
එහිදී අදාළ සේවකයා අසල බීමතින් සිටි පිරිසක් ගිලන්රථ රියදුරු ට, එහි සේවිකාවට හා ගිලන්රථයට පහර දී ඇතැයි දිඹුල පතන පොලීසිය සඳහන් කළා.