Header Ads

උණුසුම් පුවත්

ඩිලිවරි මුවාවෙන් හොරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට


ඩිලිවරි සේවා පවත්වාගෙන යන මුවාවෙන් යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ප්‍රසිද්ධ ඩිලිවරි සමාගමක නමය සඳහන් ඇසුරුමක් තුල මත්කුඩු ඇසුරුම් කර ප්‍රවාහනය කරමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්තාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25ක පමණ වටිනා හෙරොයින් මත්කුඩු පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

මොහු පාතාල සාමාජිකයෙකු වන බඩෝවිට අසංක නමැත්තාගේ ගෝලයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලින්  හෙළිවීතිබෙනවා.