Header Ads

උණුසුම් පුවත්

හිටපු ජනපති මෛත්‍රීගෙන් පොළොන්නරුව මහ රෝහලට PCR යන්ත්‍රයක්


පොළොන්නරුව මහ රෝහලට කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් රජයේ මුදලකින් තොරව පරිත්‍යාග කිරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටයුතු කළා.

මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් හිටපු ජනපති විසින් නිර්මාණය කරන ලද ඒකාබද්ධ පොළොන්නරු සංවර්ධන අරමුදල හරහා මෙම යන්ත්‍රය ලබා දී තිබෙනවා.