මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා රෝගීන් අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද උදෑසනින් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාධිතයින් 753 වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඒ අනූව මහර කොට්ඨාසය තුළ ආසාදිතයින් 152 ක් බියගම ආසාදිතයින් 95ක් සීදූව ආසාදිතයින් 64ක්, ජාඇල ආසාදිතයින් 61ක්, මිනුවන්ගොඩ ආසාදිතයින් 57 ක්, අත්තනගල්ලෙන් ආසාදිතයින් 52 ක්, ගම්පහ ආසාදිතයින් 51 ක්, දොම්පේ ආසාදිතයින් 31 ක් ද, මීරිගම සහ දිවුලපිටිය ආසාදිතයින් 30 දෙනෙකු බැගින් ද , කටාන ආසාදිතයෝ 24 ක්, මීගමුව ආසාදිතයින් 17 ක් , කැළණිය ආසාදිතයින් 15 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට සමස්ත දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28,826 ක් හඳුනාගෙන ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් සදහන් කළේ.