Header Ads

උණුසුම් පුවත්

දිනක් තුළ ඉන්දීය වෛද්‍යවරු 50ක් කොරෝනා වැලදී මරුට


කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීමෙන් ඉකුත් ඉරිදා (16 දා) ඉන්දීය වෛද්‍යවරුන් 50 දෙනකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙය දිනක් ඇතුළතදී කොරෝනා ආසාදනයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් මෙපමණ සංඛ්‍යාවක් මියගිය ප‍්‍රථම අවස්ථාව ලෙස සැලකෙනවා.

 කොරෝනා වසංගත රැල්ල ඉන්දියාවේ පැතිරීම ඇරඹීමෙන් පසු මෙම වසරේදී මෙතෙක් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් ඉන්දීය වෛද්‍යවරුන් 244 දෙනකු මියගොස් ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක්  මියගොස් ඇති මුළු ඉන්දීය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1000ක් පමණ වන බව සදහන්.