Header Ads

උණුසුම් පුවත්

කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත ලබාගැනීම කිසිදු ගැටළුවක් නෑ


කිරිදෙන මව්වරුන් කොරෝනා මර්ධන එන්නත ලබාගැනිමේ කිසිදු ගැටළුවක් නොමැති බව කොළඹ අයි ඩී රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළා.

එන්නත ලබාගත් පසුද අදාල මව්වරුන්ට සාමාන්‍ය පරිදි දරුවන්ට කිරි දිමේ හැකියාව පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියා.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජිීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සදහන් කළේ මෙරටට ගෙන්වා ඇති කොරෝනා එන්නත් වර්ග 4 න් කිසිදු වර්ගයකින් කිරිදෙන මව්වරුන්ට අහිතකර බලපෑමක් ඇති නොවන බවයි.