මැයි 21 සිට නැවත දැනුම් දෙනතුරු ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර කන්කසන්තුරය සිට මන්නාරමහරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි අතර කන්කසන්තුරය සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.