Header Ads

උණුසුම් පුවත්

කොරෝනා නීතියෙන් විපක්ෂ බලවේග දඩයම් කිරීම් කරන්න එපා.



ආණ්ඩුව විසින් සමාජය තුළ කිසිඳු සාකච්ඡාවකට විරෝදයකට  ඉඩ නොතබා කොරෝනා වසංගතය හමුවේ වරාය නගර පනත සම්මත කර ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුවේ සිටි පිරිස් එම පනතට  විරෝධය නොදක්වා සහය දුන් බවත්, නැවත කිසි දිනක දේශප්‍රේමීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුනට අවස්ථාව නොලැබෙන බවත් පැහැදිලි වශයෙන් මෙය රට පාවා දීමක් බවත්  ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනා මෙරට පවා දීම සම්බන්ධයෙන් ඉතිහාසගත වන බවත් අද (21) එම පක්ශ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා සදහන් කළා.

කොළඹ වරාය නගරය  සමස්ත වශයෙන් චීනයට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබූ බවත් එහිදී කිසියම් ප්‍රමාණයකට හෝ එම පනතේ තිබූ අනතුරුදායක බව අවම කර ගැනීමට හැකියාව ලැබුණේ, තම පක්ශය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගත් නිසා බව ඔහු කියා සිටියා.

එමෙන්ම මේ වන විට ආණ්ඩුව කොරෝනා  නීතිය යොදා ගනිමින් සිටින්නේ පවතින වෛරස තත්වය අවම කිරීමට නොව ආණ්ඩු විරෝධී මත පාලනය කිරීමට බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.