ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය (2021-05-10) (විඩියෝ)


 ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ  ප්‍රකාශය

උපුටා ගැනීම.

“ කොවිඩ් 19 වසංගතය සමග රට තුළ වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය සහ මෙම වසංගත තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට එතුමා  සියලු පාර්ශ්වයන් සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව මම ඔබට ගෙනහැර දැක්වීමට සූදානම්.

“ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර, තවත් එන්නත් ලක්ෂ 05ක් රජය  මිලදීගනු ලැබුවා. තවත් එන්නත් 265,000ක් අපට ලැබුණා. ඒ අනුව “ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (925,000) එන්නත්කරණය සිදු වූ අතර, පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වුණා.

දෙවන එන්නත්කරණය සඳහා “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම  සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග  කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

රුසියානු Sputnik එන්නත ද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට, රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රි ලංකාවට හිමි වුණා.

Sputnik එන්නත් ක්‍රමවේදය අනෙක් එන්නත් භාවිතා කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින්, අපගේ සෞඛ්‍ය අංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබාදීම ආරම්භ කළා.

එහි දෙවන අදියර යටතේ එන්නත් 85,000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් රැසක් මෙම එන්නත්කරණය තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අයුරින්ම අපට ද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කර ගත හැකි බවටත්, ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත්, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග කොවිඩ් 19 වසංගතය පාලනය සදහා ජනතාවගේ කැපවීම ද ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා .

සියලු ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස එක් රැස්වීමෙන් වැලකීම වැනි සමාජ වගකීම් පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම නිරෝගීමත් ජාතියක් උදෙසා හේතු වන බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
  •  වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, 
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම

වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි.

ස්තූතියි. ”

(උපුටා ගැනීම අවසන්)

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය (2021-05-10) (විඩියෝ)
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය (2021-05-10) (විඩියෝ)
https://i.ytimg.com/vi/jfSu9I4ary8/hqdefault.jpg
https://i.ytimg.com/vi/jfSu9I4ary8/default.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/kingsley-pmd-president-spokesperson.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/kingsley-pmd-president-spokesperson.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content