Header Ads

උණුසුම් පුවත්

ගංවතුර අවධානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ


මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ස්ථානගත කිරීම ඊයේ දින සිදු කෙරුණා

කළුතර දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින කළු ග‍‍ඟෙහි ජල පෝෂක ප්‍රදේශ වෙත ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කළු ගඟ සහ එහි අතු ගංඟාවන්ගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ගංවතුර අවධානමට ලක්වීමේ හැකියාවක් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් සිදුවිය හැකි ආපදාවට පෙර එම ප්‍රදේශය වෙත අනුයුක්ත කරන මෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් විසින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා කළ ඉල්ලීමකට අනුව වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් දෙකක් (02) මෙලෙස බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් තවත් කණ්ඩායම් 04ක් නාවික හමුදාව විසින් ඊයේ ස්ථානගත කෙරිණි.

අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, උඩුගම සහ තවලම ප්‍රදේශ ආශ්‍රිතව ගලා බසින ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් එම ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බැවින් නාගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොඩ සහ උඩුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ද , තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත තවත් කණ්ඩායම් දෙකක් ද  දකුණු නාවික විධානය මඟින් කඩිනමින් ස්ථානගත කිරීමට කටයුතු කරන ලදි.