ලොවම කොරොනා වයිරසයෙන් පීඩා විදිද්දී ඉන් මිදි සිටින පල්සතින ජනතාව යුද්ධය හමුවේ දැඩි ලෙස අසරනව සිටිනවා.
ඒ පලස්තීන - ඊශ්‍රායල ගැටුම් තවත් තියුණු මුහුනුවරක් ගෙන වර්ධනය වීම හමුවේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ අරාබි ජාතිකයින් ගෙන ගිය කෝළාහල මීට හේතු වී ඇති බවයි.
පසුගිය දෙදින පුරා රටවල් දෙක අතර රොකට් සහ ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ලෝද් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කලා.
ගාසා තීරයට සිකුරාදා අලුයම දැඩි කාලතුවක්කු ප්‍රහාර එල්ලවූ අතර ඊශ්‍රායල් හමුදාව විසින් මෙම ප්‍රදේශය ආක්‍රමණය කළ ඇතිබවට වාර්තා පළවේ.
එල්ල වූ රොකට් ප්‍රහාරයකට ලක්වීමෙන් ඊශ්‍රායල අරාබි ජාතික පියෙක් සහ දියණියක් මිය ගොස් ඇතිබවද විදෙස් වාර්තා පෙන්වාදෙනවා.
ගාසා තීරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී පලස්තීන සටන්කරුවන් එල්ල කළ ප්‍රති ප්‍රහාර ඊශ්‍රායලය භූමිය අභ්‍යන්තරයට ඇදී ගොස් ඇත.
වසර ගණනකින් පසු ඇවිලුණු දරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ අවම තරමින් පුද්ගලයින් 40ක් මිය යන්නට ඇතයි එරට බලදාරීන් සැක පල කරනවා.
ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පවසන්නේ පලස්තීන සරණාගතයින් සඳහා රැකවරනය සපයන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියට අයත් පාසල් සදහා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිටින ජනතාව ගොස් ඇති බවයි




