Header Ads

උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ‘නවුෆර් මව්ලවි’ බවට තහවුරුයි


පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් මාලදිවයින් ජාතිකයන් 4ක් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ උදෘත සම්බන්ධයෙන් නීතිපතිවරයා පෙන්වා දුන් අඩුපාඩු මේ වන විට ඉක්මනින් නිවරදි කිරීමට කටයුතු කරමින් පවතින බවද ඔහු පැවැසීය.

මෙම ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයන් 32කට එරෙහිව නඩු පවරා ඇති බවත් නඩු පැවරීම ප්‍රමාද වන්නේ මෙවැනි ප්‍රහාරවල විමර්ශන ඉතාමත් සියුම්ව සිදුකළ යුතු නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.