Header Ads

උණුසුම් පුවත්

මහ බැංකු අධිපතිතුමා ඇතුළු නිලධාරීන් අගමැතිතුමා හමුවීම


මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමා    හමු විය.


රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා මෙම හමුවේ අරමුණ විය.


එහි දී මහ බැංකු අධිපතිතුමා සහ නිලධාරී පිරිසට රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කළ අතර මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නා.


මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරු වන ටී.එම්.ජේ.වයි.ටී. ප්‍රනාන්දු, කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, මහ බැංකු ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.