Header Ads

උණුසුම් පුවත්

ජංගම දුරකථන ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට


කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්  දුරකථන හා ටැබ් පරිගණක ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් මෝදර හා මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරුවන් අන්තර්ඡාලය තුළින් හා ආයතනය මඟින් මුදල් ලබාගෙන දුරකතන පාරිභෝගිකයින් වෙත ලබා නොදී මගහැර ඇති බවයි.