Header Ads

උණුසුම් පුවත්

ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කරමින් එතනෝල් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට


ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කරමින් එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟුණකොළපැලැස්ස පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළත් කර ඇති එම ලොරි රථය පිළිබඳ සැක සිතූ අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරින් විසින් එම ලොරි රථය පිටුපස හඹා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

එහිදී කසාගල ප්‍රදේශයේදී එම ලොරි රථය නවතා පරීක්ෂා කිරිමේදී එහි තිබී එතනෝල් ලීටර් 5,000 බැරල් 25ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම එතනෝල් ප්‍රවාහන සඳහා ලබාදී ඇති බලපත්‍රය ද ව්‍යාජ බවට එහිදී අනාවරණ වූ බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු 35 හැවිරිදි කැලණිය, තොරණ හන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ එතනෝල් තොගය වැඩිදුර විමර්ශන සඳහා වීරවිල පොලිස් ස්ථානය භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.