Header Ads

උණුසුම් පුවත්

දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හමුවු ප්‍රදේශ


දිවයිනේ දිස්ත්‍රිකක්ක 23 කින් ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 411ක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 172 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

නාරාහේන්පිට 60ක්, කොම්පඤ්ඤ වීදියෙන් 15ක්, බොරලැස්ගමුවෙන් 13ක්, හෝමාගම 13ක්, මීගොඩ 15ක්, මිරිහාන 21ක්, මොරටුවේ 31ක්, ගල්කිස්සේ 21ක්, නවගමුවේ 13ක්, පිළියන්දල 43ක්, තලංගම 15ක් හා වැලිකඩින් ආසාදිතයින් 11ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර දිවුලපිටියෙන් 19ක්, කඩවත 14ක්, කටානෙන් 61ක්, කටුනායක 20ක්, මිනුවන්ගොඩ 35ක්, මීගමුවෙන් 41ක්, සීදුවෙන් 14ක් හා වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 64ක් ලෙසත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමින් 36ක්, දොඩන්ගොඩ 14ක්, හොරණ 22ක්, ඉංගිරියෙන් 20ක්, කළුතර උතුර 25ක්, කළුතර දකුණ 18ක්, පයාගල 17ක්, මොරගහහේන 13ක්, පානදුර උතුර 66ක් හා පානදුර දකුණ යන ප්‍රදේශයෙන් ආසාදිතයින් 88ක් වාර්තා වී තිබේ. 

ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 1,896ක් වාර්තා වු අතර, පුද්ගලයින් 6 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.

වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය 02 වන දා සිට ගතවූ සතියක කාලය තුළ පමණක් කොවිඩ් මරණ 88ක් සිදුව ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 786කි.

මියගිය පිරිස අතරින් 492 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර 294 දෙනෙකු කාන්තාවන් බව වාර්තා වේ.